වැසි වැඩි වේ

චම්පිකා මුතුකුඩ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක මද වැසි ඇති විය හැක.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි  වාර කිහිපයක් ඇති විය හැක.

 

බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්  වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද අද කාලගුණ වාර්තාව පවසයි.

 

 ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *