දේශබන්දු බාරවෙයි

වැලිගම තරංග ගුණරත්න  

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර කොටවිල අධිකරණයට හාරවෙති

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද(19) පෙරවරුවේ  මාතර ,කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවී තිබේ.

එම වෙඩි තැබීම සම්බන්ධව  මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු මහතා අත්අඩංගුවට  ගැනීමට ලබා දුන් නියෝගය  ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය. පෙරේදා (17) එම රිට් පෙත්සම විභාගයට නොගෙනම  අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරිණි.

දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එහිදී අධිකරණය තවදුරටත් නියෝග කළේය.

දේශපන්දු මහතා රටින් පිටවී යාම වැළැක්වීම සඳහා ද රජය  විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී .

ඉන්පසුව ඔහු අද (19) පෙරවරුවේ  මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *