පළාතම ගද ගස්සන පුත්තලම මූලික රොහලේ උතුරන වැසිකිලි,,

                    පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම මූලික රෝහලේ වැසිකිලි පද්ධති මාස කිපයක සිට උතුරා යාම හේතුවෙන්  නේවාසික ප්‍රථිකාර ලබන රෝගීන් , රෝහල් කාර්ය මණ්ඩලය හා අවට ජනතාව දැඩි පිඩාවකට පත් කර තිබේ එහෙත් වගකිව යුතු බලධාරීන් කිසිදු විසඳුමක්  ලබා නොදිමත් සමග බරපතල ගැටළු රැසක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීහු කියති.

දිගින් දිගටම පුත්තලම මූලික රෝහලේ වැසිකිලි පද්ධති උතුරා ගලා  යමින් මළ මුත්‍රා විවෘත පරිසරයට ගලා යාමත් සමග බරපතල සෞඛ්‍ය ගැටළු රැසක් මතුව තිබුනද වගකිව යුතු සෞඛ්‍ය බළධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින්  ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගීන් ඇතුළු සෙසු පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව බිංදුවට දමා ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ  ප්‍රධාන රෝහල් කිපය අතරින් පුත්තලම මූලික රෝහල ප්‍රධාන තැනක්  ගනී.ආනමඩුව නව ගත්තේගම වනාතවිල්ලුව කල්පිටිය මහා කුඹුක් කඩවල තබ්බෝව අලුත්ගම කොට්ටු කච්චිය ඇතුළු රෝහල් රැසකන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කිරීම දෛනිකව සිදුවේ.

පුත්තලම මුලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රථිකාර ලබා ගැනිමට දෛනිකව දහසකට ආසන්න රෝගීහු පිරිසක් පැමිණෙති.

ඒ සමගම පුත්තලම මූලික රෝහලේ නේවාසිකව දිනකට 800 කට ආසන්න රෝගීන් පිරිසක් ප්‍රථිකාර ලබන අතර මෙම සියලු දෙනා වෙනුවෙන් ඇති පහසුකම්  කිසිදු ලෙසකින්  ප්‍රමාණවත් නොවිම මෙම තත්වයට හේතුවි ඇති බවද කියයි.

එවන් වටපිටාවක් තුළ රෝහලේ නේවාසික රෝගීන් රැදි සිටින වාට්ටු සංකිර්ණ කිපයක  කැසිකිලි වැසිකිලි උතුරා යාමත් සමග වාට්ටු තුළ රෝගීන්ට රැදි සිටිමට සිදුව ඇත්තේ අධික දුගඳත් මැසි මදුරු කරදරයත්, ඊට  අමතරව සෞඛ්‍ය ගැටළු රැසකුත්  සමගිනි.

මෙයින් බරපතල තත්වය වී ඇත්තේ හෘද රෝග ඒකකය අසල වැසිකිලි ඒකකය සම්පුර්ණයෙන් උතුරා යාමෙන් මෙම ඒකකයට පැමිණෙන රෝගීන් හා කාර්ය මණ්ඩලය බරපතල පිඩාවට සහ අසිරුතාවයට ලකවීමයි.

සමස්ථ රෝහල  පුරාම මෙලෙස කැසිකිලි හා වැසිකිලි පද්ධතිය සම්පුර්ණයෙන් උතුරා යමින් සිදුවන පිඩාවට නිසි ක්‍රියා මාර්ගයක් නොගැනිම හේතුවෙන් පුත්තලම මූලික රෝහල ලෙඩ බෝ කරන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව කියයි.

පුත්තලම මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තිළිණා වනිගසේකර මෙනවියගෙන් මේ පිළිබදව කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී .

“මම මේ රෝහලට ඇවිත් දැනට මාස කිපයක් පමණයි ගෙවී තිබෙන්නේ.ඔය ප්‍රශ්ණය අවුරුදු 15 ක් පුරා පැවති ප්‍රශ්ණයක්.අඩුම තරමින් මේ රෝහලට ජල නල කාර්මිකයකු නැහැ එවැනි තත්වයක් පවතින්නේ.මේ ගැටළුව බරපතල එකක් බව මම දන්නවා .නමුත් අවුරුදු ගානක් තිබුණ ප්‍රශ්ණයක් මට මාස කිපයකින් විසඳන්න බැහැ.ඒ සදහා මම අදාල ඉහළ නිළධාරීන් දැනුවත් කර තිබෙනවා.ඒ අය මේ සදහා මැදිහත් විම් කරමින් සිටිනවා.අනික පුත්තලම මූලික රෝහලේ පිහිටිම ගත්තොත් මුහුදු මට්ටමින් පහළ තිබෙන්නේ එයත් මේ ගැටළුවට බලපා තිබෙනවා “

කෙසේවෙතත්  මේ ගැටළුව කෙරේ  අදාල බලධාරීන්ගේ ඉක්මන් අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *