දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ

ලක්මිණි නදීෂා – කොළඹ 

2025 අයවැයෙන් රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද(18) දිනයේ පෙරවරු 7 සිට සංකේත වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

ඒ අනුව දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීහු මෙම වැඩවර්ජනයට සහය දක්වති.

ඊට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් එක්ව සිටිති.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිය ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (17) පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර මේ හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේෂ් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *