මොහොමඩ් ආසික්
එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන වන (UNEP) වැඩසටහනට අනුව ආක්‍රමණශීලි සතුන් ශාඛ ඇතුළු විශේෂයන් ගෝලීය ජෛව විවිධත්වයට ඇති පස් වන විශාලතම තර්ජනය බව සඳහන් කරයි. එම වැඩසටහන තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම තර්ජනයට තවත් බරපතල තර්ජනයක්ව ඇති දේශගුණික විපර්යාසයත් එක් කර ඇති බවයි ලෝකය පුරා සිටින පාරිසරික විද්‍යාඥයින් බොහෝ දෙනෙකු මේ වන විට බියට සහ කුතුහලයට පත්ව ඇත්තේ ආක්‍රමණික විශේෂ සහ දේශගුණික විපර්යාස යන දෙක එක්වි විශාල හානියක් සිදු වේදැයි යන උපකල්පනය මතයි.
ආක්‍රමණශිලි විශේෂ ගැන කතා කිරීමේදී ජගත් පර්යේෂකයින් පෙන්වා දෙන්නේ 19 වන සිය වසේ දී යුරෝපයේ ඇති වූ ව්‍යාපාර දියුණුවත් සමඟ විවිධ ක්‍රම මගින් මතු වී ආ සංක්‍රමණිකයින් නිසා මෙම ආක්‍රමණික විශේෂ වර්ධනය වු බවයි.
ලෝකයේ බොහෝ රටවල කාෂිකර්මාන්තයට මෙන්ම පරිසරයටද විශාල හානිකර බලපෑමක් ඇති කරන ආක්‍රමණික ශාක සහ සතුන් ශ්‍රී ලංකාවේ පරිසරයටද සිදු කරනු ලබන්නේ අති විශාල හානියකි. ලංකාව තුලට විවිධ ක්‍රම මගින් පැමිණ ඇති මෙම ආක්‍රමණික ශාඛ මෙන්ම සතුන් විශේෂ ජලය මෙන්ම ගොඩබිම තුලද විශාල පාරිසරික විනාශයන් සිදු කරමින් පවතී.
ලංකාවේ ආක්‍රමණික ශාඛ සම්බන්ධයෙන් 2020 දී විගණනයක් සිදු කර ඇති අතර එම විගණන වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට තර්ජනයක්ව පවතින මෙම ආක්‍රමණික ශාඛ ආර්ථිකයට කෘෂිකර්මාන්තයට සංචාරක ව්‍යාපාරයට මෙන්ම සමාජයටද සෘණාත්මකව බලපාන බවයි. එම විගණනය මගින් පෙන්වා දෙන ආකාරයට ලංකාවේ 2020 වන විට ආක්‍රමණික ශාඛ 20 ක් හඳුනා ගෙන තිබී ඇති අතර විභව මට්ටමේ 15 ක් හඳුනා ගෙන තිබිණ. පරිසරයට බරපතල බලපැම් එල්ල කරන ශාඛ ලෙස, සැල්වීනියා(Salvinia molesta)ජපන් ජබර (Eichhornia crassipes) පාතීනියම් (Parthenium hysterophorus) යෝධ නිදිකුම්බා (Mimosa pigra) ඇලිගේටර්(Alternanthera Philoxeroides) ලුඩ්විජියා (Ludvigiasedoides) ඇතුළු ශාඛ රැසක් හඳුනා ගෙන තිබිණ.
මෙම මුලික හැඳින්විමත් සමඟ අපගේ අරමුණ වන්නේ මේ වන විට මහවැලි ගඟේ සුන්දරම ස්ථානය ලෙස සැලකෙන සහ ගඟේ පළලම සහ පටුම ස්ථානය පිහිටි අති සංවේදි පාරිසරික කලාපය වන මහනුවර වරාතැන්න හක්කිද පරිසර කලාපය තුල පැතිරි ඇති විශාල පාරිසරික හානියක් සිදු කරමින් පවතින ආක්‍රමණික ශාඛ සහ සතුන් පිළබඳව සොයා බැලීමයි.
මෙම ගවේශණය සඳහා ජ්‍යෙෂ්ඨ පාරිසරික විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු අප වෙත ලබා දුන්නේය.
මහවැලි ගඟ සැතපුම් 208 ක් හෙවත් කිලෝ මිටර් 338 ක් පුරා දිව යන ලංකාවේ දිගම ගංඟාවයි. මහවැලි ගඟේ මෙම කිලෝ මිටර් 338 ක දුර තුල පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස නම් කර ඇති එකම කොටස වන්නේ ගන්නෝරුව වරාතැන්න හක්කිද පාරිසරික කලාපයයි.
මහනුවර ගන්නෝරුව වරාතැන්න හක්කිද පරිසර ආරක්ෂක පද්ධතිය 2017 .06.19 වනදා අංක 2024 දරණ ගැසට් පත්‍රය මගින් මධ්‍යම පරිසර අධිකාරිය පරිසර ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එම කලාපයේ මහවැලි ගඟ තුල මෙන්ම ගං ඉවුරෙත් ආක්‍රමණික ශාඛවල සහ සතුන්ගේ ආක්‍රමණ නිසා සිදු වන පාරිසරික හානිය සුළු පටු නොවේ. ඒ සම්බන්ධයෙන් පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතා සඳහන් කරන්නේ මෙම කලාපය තුල ඉතා බරපතල විනාශකාරි ආක්‍රමණික ශාඛ සහ සතුන් වර්ග 12 ක් හඳුනා ගෙන ඇති බවයි.
ඒ අතර Eichhornia rassipes යන ඉංග්‍රීසි නමින් හඳුන්වන ජපන් ජබර ලංකාව තුල ව්‍යාප්ත වු මුල්ම ජලජ ශාඛය බව සඳහන් වෙයි. 1905 දී ජල තටාක අලංකරණ ශාඛයක් වශයෙන් ජපන් ජබර මෙරටට ගෙන්වා ඇති බවත් සඳහන් වෙයි. එය පසුව රටට හිසරදයක් බවට පත්වූ ආක්‍රමණික ශාඛයක් බවට පත්ව තිබේ. ලංකාවේ පළමු ආක්‍රමණික ශාඛය ලෙස ජපන් ජබර ශාඛය සටහන් වන්නේ එලෙසයි .
සැල්වීනියා නමින් හඳුන්වන ජලජ ශාඛයද වඩාත් ආක්‍රමණශිලි වෙයි . Salvinia molesta යන ඉංග්‍රීසි නමින් හඳුන්වන සැල්වීනියා මහවැලි ගඟේ මෙම ස්ථානයේ මෙන්ම තවත් බොහෝ ස්ථානවල පැතිරී ගොස් තිබේ. ගඟේ වැලි ගෙන යාමේදී විවිධ තැන්වලට සැල්විනියා බීජ ගමන් කර ඇති බව සැක කරනු ලබයි. සැල්වීනියා ශාඛය 1939 වසරේදී විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා අති බවද සඳහන් වෙයි.

ශ්‍රී ලංකවේ ජලාශ්‍රිත ප්‍රදේශවලට මෙන්ම ගොඩබිමටත් එකසේ වින කරන අති බිහිසුණු ආක්‍රමණික ශාඛයක් ලෙස යෝධ නිදිකුම්බා ශාඛය සඳහන් කළ හැකිය. Mimosa pigra යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන යෝධ නිදිකුම්බා ශාඛය වඳ කර ගැනීමට ඉතා අපහසු ආක්‍රමණික ශාඛයක් වෙයි. මහවැලි ගඟේ මෙන්ම ගොඩබිම්වලත් බොහෝ ප්‍රදේශවල පැතිරී ඇති යෝධ නිදිකුම්බා හක්කිද පාරිසරික ආරක්ෂිත කලාපය තුලත් සීග්‍ර ලෙස පැතිරී ඇති අයුරු දිස් වෙයි. කැලණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශය මගින් සිදු කර ඇති පර්යේෂණයකට අනුව යෝධ නිදිකුම්බා ශාඛයේ නිජ බිම දකුණු ඇමරිකාව බව හෙළි කර තිබේ . යෝධ නිදිකුම්බා එක් ශාඛයක් සිය ජීවිත කාලය තුලදී බීජ 2000 ත් 22000 ත් අතර ප්‍රමාණයක් නිපදවන බවද එම අධ්‍යයනය මගින් සොයා ගෙන තිබේ. මහවැලි ගඟේ අපගේ සීමාව වන කලාපය තුල දක්නට ලැබෙන එම ශාඛවල ප්‍රමාණයට අනුව ඉතා අනතුරුදායක පැතිරීමක් අපේකෂා කළ හැකියි.
මෙම ප්‍රධාන ශාඛවලට අමතරව මෙම කලාපය තුල පැතිරී යන තවත් ආක්‍රමණික ශාඛ කිහිපයක්ද දැකිය හැකියි. ඒ අතර පොඩි සිංඤො මරං නමින් හඳුන්ව ආකමණික ශාකයද සඳහන් කළ හැකියි .මෙම ආක්‍රමණශිලි ශාඛය මේ වන විට මෙම ප්‍රදේශයේ අඩු වශයෙන් දැකිය හැකි වුවත් ඉතා සීග්‍රයෙන් වර්ධනය විමේ හැකියාවක් පෙන්නුම් කරන ශාඛයක් වෙයි .
Clusia rosea යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තවත් ආක්‍රමණික ශාඛයකි ගල් ගොරකා. ශ්‍රී ලංකාව් අඩුවෙන් වාර්තා වුවත් මහවැලි ගඟේ මෙම සංවේදී පරිසර කලාපය තුල දක්නට ලැබෙන බවත් එයද වර්ධනය වීමේ අවදානමක් පවතින ශාඛයක් බවත් පරිසර විද්‍යාඥ ප්‍රදිප් සමරවික්‍රම මහතා කියයි.
නත්තසූරිය ශාඛයද මෙම සුන්දර පාරිසරික කලාපය ආක්‍රමණය කරමින් ඇති ආක්‍රමණික ශාඛයක් බව ප්‍රදිප් සමරවිකම මහතා සඳහන් කරයි .
ගඳපානා නමින් ආක්‍රමණික ශාඛයකට නම් කර තිබුණද දේශිය ගඳපාන ශාකයක් ද පවතින බව පරිසරවේදින් පෙන්වා දෙති . කෙසේ නමුත් මෙම මහවැලි කලාපය තුල දක්නට ලැබෙන්නේ ආක්‍රමණික ගඳපානා ශාඛය බව පරිසවේදී සමරවික්‍රම මහතා පෙන්වා දෙයි.
තවත් ආක්‍රමණශීලි ශාඛයක් වන අලිමානා ශාඛයද මෙම ප්‍රදේශයෙන් හමු වෙයි. මෙම ශාඛයද මේ වන විට අඩු ව්‍යාප්තියක් පෙන්නුම් කළද සිග්‍ර ලස වර්ධනය විමේ අවදානමක් පවතින බව පරිසරවේදීන්ගේ මතයයි.
කට කළු බෝවිටියා නමින් තවත් ආක්‍රමණික ශාඛයක් මහවැලි ගඟේ ආරක්ෂිත කලාපය ආශ්‍රිතව හඳුනා ගෙන ඇති අතර Clidemia hirta යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි. මෙම ශාඛයද වර්ධනය සීග්‍රයෙන් සිදු වන බව පරිසර විද්‍යාඥ ප්‍රදිප් සමරවික්‍රම මහතා සඳහන් කරයි.
අරුණාදේවි නමින් හඳුන්වන තවත් ආක්‍රමණශිලි ශාඛය ද පරිසරයට හානි කර තවත් ශාඛයක් වුවත් මෙහි කහ පැහැති මලක් පිපීම නිසා ම බොහෝ දෙනෙකු ගෙවතු අලංකරණ ශාඛයක් ලෙස වැවීමද දක්නට ලැබෙයි. නමුත් මෙය ආක්‍රමණශිලි ශාඛයකි. මහවැලි ගඟ ආශ්‍රිතවද මෙම ශාඛය සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව සමරවික්‍රම මහතා සඳහන් කරයි.
මෙම අති සංවේදි පරිසර කලාපය තුල පැතිරෙන්නේ ශාඛ පමණක් නොව ඇතැම් ආක්‍රමණික සතුන් විශේෂද දැකිය හැකියි. ඒ අතර ටැංකි සුද්දාට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. විසිතුරු මසුන් ඇති කරන පිරිස් විසින් පරිසරයට මුදා හරින මෙම මසුන් විශේෂය ටැංකි සුද්දා ලෙස හඳුන්වන අතර එහි ඉංග්‍රීසි නාමය වන්නේ Tank cleaner යන්නයි. මෙම මත්ස්‍ය විශේෂය ආක්‍රමණික සත්ව විශේෂයක් වන අතර ජලාශයකට මුදා හැරිම මගින් එම ජලාශයේ ආවේණික සතුන් සහ මසුන් විනාශ කර දැමීමට සමත් වෙයි. මෙම සත්ව විශේෂයද මහවැලි ගඟ ආශ්‍රිතව සීග්‍ර ලෙස පැතිරෙමින් පවතී.
Pomacea spp යන විද්‍යාත්මක නමින් හඳුන්වන ඇපැල් ගොළුබෙල්ලාද ආක්‍රමණි සත්ව කොට්ඨාසයක් වෙයි. මෙම ගොළුබෙල්ලාද මහවැලි ගඟේ මෙම කොටස තුල දැකිය හැකි අතර තවමත් සුළු වර්ධනයක් දක්නට ලැබුණත් සීග්‍ර වර්ධනයක් ඇති විමේ අවදානමක් සහිත සතෙක් බවත් පරිසරවේදින්ගේ අදහසයි .
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් පරිසරයට පැමිණ ඇති තවත් ආක්‍රමණික සතෙකි රතු කන් ඉබ්බා Trachemys scripta යන විද්‍යාත්මක නමින් හඳුන්වන රතු කන් ඉබ්බා මෙම පරිසරයේද කිහිප වරක්ම නිරික්ෂණය වි ඇති බව පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතා සඳහන් කරයි. මෙම සත්ව විශේෂයද ආක්‍රමණික සත්ව විශේෂයක් නිසා ආවේණික සතුන්ට විශාල හානියක් බවත් ඔහු සඳහන් කරයි
අප මෙහි සඳහන් කළේ මහවැලි ගඟේ විශේෂයෙන් තෝරා ගත් වර්ග කිලෝමීටර් 61 කින් සමන්විත ගන්නෝරුව වරාතැන්න හක්කිද පරිසර ආරක්ෂණ කලාපය තැල වැඩෙන ආක්‍රමණශිලි ශාඛ සහ සත්ව වර්ග කිහිපයක් පිළිබඳවයි. මෙම ආක්‍රමණ විශේෂයන්වල පැතිරීම අප අවට පරිසරයට කෙසේ නම් බලපායිද මේවා පාලනයට හෝ නැති කරන්නට මඟක් නැතිද පරිසරවේදීන් පමණක් නොව සාමාන්‍ය ජනතාවත් අසන පැනය එයයි .


මහවැලි ගඟේ ආක්‍රමණික ශාඛ පැතිරී ඇති අයුරු
