ලක්මිණි නදීෂා – කොළඹ
සාකච්ඡා අසාර්’ථක වූ නිසා කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්’ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසයි.
අද(17) පෙරවරුවේ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර සාකච්ඡා පැවති අතර එය අසාර්ථක වී තිබේ.
එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා පැවසුවේ හෙට උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්’ජනයක් සිදු කරන බවයි.
