ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂකට හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් එන්තර වාසියක්

යසංග මහවිතාන

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ සිසිල සෙන්පති  මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නීතිඥවරයා විසින් එන්තර වාසියක් යවා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ  මාධ්‍ය ප්‍රකාශකවරයාගේ  කීර්ති නාමයට අපහාස වන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම නිසා මිලියන 600ක වන්දියක් ගෙවන ලෙස ඔහුගේ නීතිඥ ඩී එම්.එම්.එම් විජයරත්න මහතා විසින්  මෙම එන්තර වාසිය යවා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක  නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ  රාජ්‍ය දේපළ අවභාවිත කරමින්, ද්වේශ සහගත කරුණු පදනම් කරගෙන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය අධ්‍යක්ෂ සිසිල සෙන්පති විසින් කළ  ප්‍රචාරයන්ට එරෙහිව මෙම එන්තර වාසිය යැවූ බවයි.

පදනම් විරහිතව ,කරුණු විකෘති කරමින්, හා  කරුණු සඟවමින් ද්වේශ සහගත ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් තම සේවා දායකයාගේ කීර්ති නාමයට වූ හානිය වෙනුවෙන් මිලියන 600ක වන්දි මුදල ඉල්ලා සිටින බවත් , ලිපිය ලැබී දින දාහතරක් ඇතුළත එම මුදල ඔහු වෙත ගෙවන ලෙසත්  එම එන්තර වාසිය මගින් දැනුම් දී ඇති බවද මනෝජ්‍ ගමගේ නීතිඥවරයා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *