මැදිරිගිරියේ  චන්ඩින්  හයදෙනෙක් අත්අඩංගුවට

යසංග මහවිතාන

පසුගිය 14 වෙනිදා  මැදිරිගිරියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ප්‍රචණ්ඩ ලෙස  හැසිරී,  දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු  අද දින අත්අඩංගුවට ගෙන තිබේ..

මෙම පුද්ගලයන් හය දෙනා හෙට (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සංගීත සංදර්ශනය පැවැත්වුණේ දෙව්ලන්කඩවල ජනාධිපති විද්‍යාලයීය  ක්‍රීඩාංගණයේදීය. සංගීත සංදර්ශනයට සහභාගී වීමට නියමිතව සිටි ශිල්පීන් කිහිපදෙනෙකු හදිසියේ ඊට සහභාගී නොවීම නිසා පෙරවරුන් එකයි තිහට පමණ එය නවතා දැමීමට සිදුව තිබේ.  මෙහිදීම තමන් ගෙවූ මුදලට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් කෝපයට පත් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමට පටන්ගෙන තිබේ.

සංගීත සංදර්ශනය සඳහා වාදනය සැපයූ AVATAR  සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලටද මෙම පුද්ගලයන් දැඩි ලෙස හානි පමුණුවාා තිබුණි

පොලිසිය සඳහන් කළේ ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *