හේවාහැට-චම්පික දසනායක
දෛනිකව දිනුම් අදින ලොතරැයි පත්වල අවසන් අංකය සටහන් කර මුදලට ඔට්ටු ඇල්ලීම මහනුවර ප්රදේශයේ ගම්මාන වල තැරැව්කරුවන්ගේ ප්රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත .
ජාතික ලොතරැයි මණ්ඩලය මගින් තහනම් කර ඇති මෙම ඔට්ටු ඇල්ලීමේ ක්රමවේදය මගින් මුදල් උපයා ගැනීමට ග්රාමීය ප්රදේශවල පාසල් දරුවන් පවා යොමුවී තිබෙන බව අනාවරණය කරගැනීමට හැකි විය
රුපියල් සීයක් හෝ දෙසීයක මුදලකට ඔට්ටු ඇල්ලීම සිදුකර දිණුම් අවස්ථාව උදාකර ගැනීමට හැකිවුවහොත් රුපියල් අටදහසක්(8,000/=) හෝ දහසය දහසක් (16,000/=) මුදලක් ලබාදීමේ පොරොන්දුව මත මෙම ඔට්ටු ඇල්ලීම සිදුකරනු ලැබේ
ටිකට් පත් අලෙවියෙන් ලැබෙන කොමිස් මුදලේ සුළු ලාභයට වඩා ඔට්ටු ඇල්ලීමේ ක්රමය ඔස්සේ දිනකට රුපියල් පන්දහසක් වැනි මුදලක් උපයා ගැනීමට අවස්ථාව උදාවීම නිසා ටිකට්පත් අලෙවි කරන පුද්ගලයන් වැඩි දෙනෙක් මෙම නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ ක්රමය මගින් මුදලක් උපයා ගැනීමට වෙර දරති
මෙම නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ ක්රමය නිසා තම ලොතරැයි අලෙවියද පහත වැටී ඇති බව අලෙවි නියෝජිතයෝ සඳහන් කරති
