ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ තවත් අයෙක් අත්අඩංගුවට 

ලක්මිණි නදීෂා – කොළඹ

පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට , එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් කිරිමේ සිද්ධියක් අද(16) යළිත් වාර්තා වී තිබේ.

මේ අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.

ඔහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි , එම ප්‍රදේශයේ වැඩ පොළක් ( Work Shop ) පවත්වා ගෙන යන්නෙකි.

 ඔහු 03/15 දින රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණෙන අතරවාරයේ , අධික ලෙස බීමත්ව , එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ. 

මෙම සිදුවීම පිළිබද වහාම , එම ගුවන් සේවිකාවන් දෙදෙනා , ගුවන් යානයෙහි ගුවන් නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව , ඔහු මේ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පාළක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් , මොහු අත් අඩංගුවට ගෙන , කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී ඇත.

සැකකරු 03/16 දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *