අනුරාධපුර  රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ.

යසංග මහවිතාන

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න මහතා පත්කර තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පසුගියදා ඇති වූ  වෛද්‍යවරියගේ සිදුවීම සම්බන්ධව   රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ  දුර්වල පරිපාලනයද  හේතු වූ බවට විවේචන එල්ල විය. එම අධ්‍යක්ෂවරයා නිසි සුදුසුකම් සපුරා නොමැති දේශපාලන හිතවාදියෙකු බව කතා බහට ලක්විය.

වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ  ඉවත් කිරීමත් සමග හිස්වන එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  H.M.U.I.කරුණාරත්න මහතා පත්කර  තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *