හිටපු ස්ථානාධිපතිවරයා නැවත සේවයේ පිහිටුවන්න බාධාවක් නෑ.

වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම  හිටපු  වැඩ බලන ස්ථානාධිපති උපුල් කුමාර මහතා වැඩ තහනමට ලක්වීම සම්බන්ධව  අධිකරණ නියෝගයක් නොමැති බවත් , නැවත සේවය පිහිටුවීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවරා ඇති නඩුව බාධාවක් නොවන බවද  මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් .ඒ අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා  ප්‍රකාශ කළේය.

තවද  අදාල හිටපු පොලිස්  ස්ථානාධිපතිවරයාට එරෙහිව  චෝදනා පත්‍රයක්  ගොනු කිරීමට කල් ගතවන්නේ නම් අදාල  විමර්ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් හෝ ගොනුකර   අධිකරණයට දැනුම් දෙන ලෙස දැනුම් දී තිබුණි.

වැලිගම පොලිසියේ හිටපු ස්ථානාපති උපුල් කුමාර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්   මාතර අධිකරණයේ පවතින  නඩු අංක  බි.ආර් 1409 / 25  යටතේ  අද දිනට නියමිත නඩුව කැඳවන අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *