ඩුබායි බලා පලායාමට තැත් කළ මිද්දෙණිය ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

ලක්මිණි නදීෂා – කොළඹ 

මිද්දෙණිය පොලිස් වසමේ පසුගිය 18 වනදා සිදු වූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට අදාල අත්‍යාවශ්‍ය සැකකරුවෙකු ඊයේ(12) රාත්‍රී යේ ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

ඔහු කටුවන , අගුලන්දෙණිය ප්‍රදේශයේ පදිංච් , දොරේමුරේ බඩලගේ පසිදු සංජන නැමති 23 හැවිරිදි තරුණයෙකි.

ඊයේ රාත්‍රී 08.15 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට පීවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. 

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසු , මිද්දෙණිය පොලිසියේ විශේෂ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙන ගියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *