පුනරින්, මන්නාරම ,දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා තුනටත් නාම යෝජනා කැඳවයි

අජිත්ලාල් ශාන්තඋදය

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනරින් ප්‍රාදේශීය සභාවට,  මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාවට සහ අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට සභිකයින් බදවාගැනීමේ නාමයෝජනා බාරගැනීම මේ මස 24 දින සිට 27දින මධ්‍යහන 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

ඒ අනුව එම පළාත් පාලන ආයතන තුන සදහා නාමයෝජනා සදහා ඇප තැන්පත් කිරිම මේ මස 26 දින මධ්‍යහන 12.00 දක්වා අදාල තේරීම්භාර නිලධාරින් විසින් බාරගන්න බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම.ඒ.එල්.රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයේ දැක්වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මේ වනවිට මැතිවරණයෙන් සභිකයින් තෝරා පත්කරගෙන ඇත.

පුනරින්, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා හැර සෙසු පළාත් පාලන ආයතන සදහා නාමයෝජනා බාර ගැනිම මේ මස 17 දින සිට 20දා මධ්‍යහන 12.00 දක්වා ඒ ඒ පළාත් පාලන ආයතන අයත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී කාර්යාල වලදි  සිදුකෙරේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *