සතුන්ටත් දානය දීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි

යසංග මහවිතාන

වගා අස්වනු වලින් සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානි වන බව අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය.

වගා හානි සිදු කරන සත්වයන් පිළිබඳ  දීප ව්‍යාප්ත සංගණනයක්   පහළොස්වෙනිදා සිදු කිරීමට නියමිත බවත්,  ඇතැමුන් එය හාස්‍යයට ලක් කරන නමුත් මෙම ගැටලුවට සුදුසු විසඳුම් දීමට ඔවුන් අසමත් බවත් ඇමතිවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.

වගා හානි කරන රිලවුන් වඳුරන් දූපතකට ගෙන ගොස් දමා සතුන්ට අභය දානය දිය හැකි බවත් ඒ මහතා කීය. එසේ සතුන්ට අභය දානය දීම පමණක් නොව එදිනෙදා එම සතුන්ට අවශ්‍ය ආහාර ලබාදීමට වැඩපිළිවෙළක්ද සකස් කළ යුතු බව අමාත්‍යවරයාගේ අදහස විය.

සතුන් විසින් වගාවන්ට හානි කිරීම පිළිබඳව කඩිනම් විසඳුමක් අවශ්‍ය බවත්, වගාවට හානි කරන සතුන් පිළිබඳව රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙළ පිළිබඳව ඇතැමුන් උපහාසයෙන් කතා කරන නමුත් ඊට වඩා සුදුසු විසඳුමක් ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වඩා සුදුසු යම් වැඩපිළිවෙළක් වේ නම් ඉදිරිපත් කරන ලෙසත් එම අදහස් පිළිගැනීමට සූදානම් බවත් නලින් හේවගේ මහතා කීය.

වඳුරන් රිළවුන් හා මොනරුන් නැතුළු නැතුව සතුන්ගෙන්  වගාවන්ට විශාල වශයෙන් හානි සිදුවීම මෑතකාලීනව ගොවීන් මුහුණ දෙන බරපතළ ගැටලුවක් වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *