ලසන්ත නිරෝෂණ පෙරේරා
දේශිය ගොව්න්ට ගම්මිරිස් ,කහ ඇතුඵ කුඵබඩු සඳහා සාධාරණ මිලක් ලඹාදිමට සහ පාරිභෝගිකයන්ට ගුණාත්මක කුළු බඩු සාධාරණ මිලකට ලඹාදිමට ආරම්භ කරන ලද කුළු බඩු මණ්ඩලය වසා දැමිමේ සැලසුමක් ඇතැයි එහි සේවකයින් බලධාරීන්ට දැනුම් දි තිබේ.
මේ වන විට එහි අලෙවිසැල් 29න් 24 ක්ම වසා දමා ඇතැයි වාර්තාවේ.
කොළඹ අවට පමණක් දැනට ඉතිරිව ඇති සංස්ථා කුළු බඩු අලෙව් සැල් පහද වසා දැමීමේ සුදානමක් පවතින බව ද කුළු බඩු මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් පැවසුහ
පසුගිය රජයේ පාලන සමයේදි කුළු බඩු අලෙව් සැල් හයක් පමණ වසා දමා තිඹු අතර නව රජය බලයට පත්විමෙන් පසු අලෙව් සැල් 18 ක් වසා දමා ඇත්තේ එම අලෙව් සැල් පාඩු බව පවසමිනි.
පසුගිය රජය සමයේදි සිදුවු අත්තනෝමතික ක්‍රියා නිසා පාඩු ලබමින් පැවති කුළු බඩු අලෙව් සැල් වසා දැමිම එම රජය සමයේදි එහි ප්‍රධානින් ව්සින් ආරම්භ කළ අතර එම ක්‍රමවේදයම වත්මන් රජය ව්සින් ද සිදු කරන්නේ කලින් තීරණ ගත් ප්‍රධානියෙකුගේ උපදෙස් අනුව බව සේවකයින් සදහන් කරති.
මේ වන විට කුළු බඩු මණ්ඩලයේ අලෙව් සේවක සේවිකාවන් සිය දෙනෙකුට පමණ රැකියා අහිමිව තිබේ.
පාඩු ලබන බව සදහන් කරමින් සේවකයින් ඉවත් කළද ඇතැම් ඉහළ නිලධාරින් වාහාන සඳහා දීමනා සහ වරප්‍රසාද පෙරටත් වඩා ලබාගන්නා බවද ඒ ගැන සොයා බලන ලෙසද සේවකයින් ව්ෂය භාර අමාත්‍ය සමන්ත ව්ද්‍යාරත්න මහතාගෙන් ඉල්ලිමක් කර තිබේ
ගොවීන්ට ඉහල අගයක් ඇති විදේශිය වෙළදපොල සදහා පුවිශ්ඨ විම සදහා මග පෙන්විමටත් කුඵබඩු හා ඵ් ආශිුත නිෂ්පාදනයන්ගේ මිල නියාමනය සදහා ඇතුඵ අරමුණු රැසක් සහිතව 2020-08-09 වනදින 2187/27 අතිවිශේෂ ගැසටි පත්‍රයට අනුව කුඵබඩු හා ඵ් ආශිුත නිෂ්පාදන අලෙවි මණ්ඩලය පිහිටුවා තිබේ.
කුඵබඩු අලෙවි සැල් වල සේවය කළ කළමනාකරුවන් හා අලෙවි සහයකයින්ගේ රැකියා අහිමිකර ඔවුන් වැඩකල කාලසීමාවට අදා.ල වැටුප්හා අතිකාල දීමනා අත්තනෝමතික ලෙස කපා දමා ඇති බව අලෙවිසැල් කලමණාකරුවන් හා අලෙවි සහයකයින් ව්ෂය භාර අමාත්‍යවරයාටද දැනුම් දි තිබේ.
ගොවි ඡනතාවට සහන සලසමින් ඔවුන්ගේ අස්වැන්නට ඉහළ මිලක් පාරිභෝගියාට වසවිස නැති ගුණාත්මක නිෂ්පාදන ලබා දිමේ අරමුණ පෙරදැරිව ආරම්භ කල මෙම අලෙවි සැල් ජාලය සදහා ලියාපදිංචි සැපයුම්කරුවන් 315කට වැඩි පිරිසක් දේශිය නිෂ්පාදන භාණ්ඩ සපයා ඇති අතර ඔවුන්ට ගෙවීමට ඇති ගෙවීමි අත්තනෝමතිකව කපා හැරිම නිසා සැපයුම් කරුවන් තම නිෂ්පාදන ලබා දිම නතර කර දැමු බවත්, සැපයුම් කරුවන් වෙනුවෙන් ආයතනය හයකෝටි තිස් ලක්ෂයක මුදලක් ගෙවිමට තිබෙන බවත් සැපයුම් කරුවෝ සදහන් කරති.
කුළු බඩු අලෙව් සැල්වලට සැපයුම්කරුවන් භාණ්ඩ ලබා නොදුන්නේ ඔවුන්ට ගෙවිමට නියමිත මුදල් ලබා නොදිම නිසා බවත් එම තත්වය හමුවේ ව්කිණිමට භාණ්ඩ නොමතිව කුළු බඩු අලෙව් සැල්වල අලෙවිය පහළ වැටුනු බවද එයට වගකිවයුතු වන්නේ කුළු බඩු මණ්ඩලයේ බලධාරීන් මිස සේවකයින් නොවෙන බවද සේවකයෝ පෙන්වා දෙති.
ගුණාත්මක් තත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් රාඡ්‍යය වගකීම යටතේ ලබා ගැනීමට තිබු අවස්ථාව මෙම අලෙවි සැල් ඡාලය වසා දැමීම නිසා පාරිභෝගිකයින්ට අහිමි තිබේ.
මේ වන විට ඉතිරි වි ඇති නුගේගොඩ / මාදිවෙල / බත්තරමුල්ල / හෝමාගම/ මාකුඔුර යන අලෙවිසැල් වලටද සැපයුම් කරැවන් සැපයුම් ලබා නොදීමේ තත්වය මත ඵම අලෙවිසැල්ද නුදුරේදිමවැසීපයාමේ අවදානමක් පවතින බව අලෙවි සැල් සේවකයින් සදහන් කරති.
මෙවැනි තත්වයක් තිබියෙදිත් සියඵ දෙනාගේම දිමනා අතිකාල කපා හරිමින් කටයුතු කරන බලධාරියෙකු දිනපතා නිවසේ සිට ආයතනය දක්වා පැමිණීමට අමතර ඉන්ධන කෝටාවක්ද ලබා ගනිමින් තම දීමනා හා වරපුසද ලබා ගෙන කටයුතු කරන බව ආයතනයේ සේවකයය්
සදහන් කරති
මේ සම්බන්ධයෙන් කුඵබඩු හා ඵ් ආශිුත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා මාධ්‍යයට සදහන් කළේ දිගින් දිගටම පාඩු ලැබිම හේතුවෙන් අලෙව් සැල් වසා දැමිමට සිදුව් ඇති බවයි.
පසුගිය පාලන කාලයේ ආයතනයේ පරිපාලන තීන්දු ගත් ඉහළ නිළධාරියෙකුට අවශ්‍ය ලෙස කුළු බඩු අලෙව් සැල් ජාලය වසා දමමින් සිටිතැයි අලෙව් සැල් සේවකයය්පෙන්වා දෙති.වත්මන් රජය ඒ ගැන සොයා සේවකයින් ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස එම සේවකයින් ඉල්ලා සිටිති.
වසා දමන ලද කුළු බඩු අලෙව් සැල් වල සේවකයින් බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්‍ය්ලයට කැදවු අවස්ථාවේදි බලධාරීන් සදහන් කර ඇත්තේ කුලු බඩු අලෙව් සැල් වසා දැමිමට හේතුව පසුගිය පාලන කාලයේදි සිදුවු අයථා ක්‍රියා සහ වගකිමක් නොමැතිව කටයුතු කිරිම බවයි.
පසුගිය පාලන කාලයේදි අයථාක්‍රියා සිදුව් ඇති නම් ඒ ගැන පරික්ෂණ සිදු කර අදාළ අයට නීතිය ක්‍රියාත්මක කිරිම සිදු කළ යුතු වුවත් කිසිදු වරදකට සම්බන්ධ නැති සේවකයින්ගේ රැකියා අහිමි නොකර කුලු බඩු අලෙව් සැල් ක්‍රමවේදය සහ මණ්ඩලය මගින් කුළු බඩු නිෂ්පාදන ක්‍රමවේදය ව්ධිමත් නොකර කුළු බඩු අලෙව් සැල් ජාලය වසා දැමිම ගැන ජනාධිපතිවරයා ගේ සහ ව්ෂය භාර අමාත්‍යව සමන්ත ව්ද්‍යාරත්න මහතාගේ අවධානය යොමු විය යුතුව ඇතැයි සේවකයෝ පවසති.
