හිංසකයා  කොටු වෙයි

කිත්සිරි වනසිංහ අනුරාධපුර 

වෛද්‍යවරියක ලිංගික හිංසනයකට ලක් කොට පලා ගොස් සිටි සැකකරු අද (13) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් එකොළොස් වැනිදා රාත්‍රියේ තම සේවා මුරය අවසන් වී නිවාසිකාගාරය වෙත පැමිණි අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරත වෛද්‍යවරියක අත් පා බැඳ නිවාසිකාගාරය තුළදී ලිංගික හිංසනයකට ලක් කොට ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් විශේෂකාර්යය බලකායේ නිලධාරි කණ්ඩායමක් හා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 34 පමණ වන මොහු ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

කලක් යුද හමුදා සේවයේ සිට ඉන් පලාවිත් ඇති මෙම පුද්ගලයා සොරකම් හා විවිධ අපරාධ රැසකට සම්බන්ධ බවටද කරුණු අනාවරණය වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර මොහු කලක් පැවිදි වී සිටි පුද්ගලයකු ලෙසද හඳුනාගෙන තිබේ.වර්තමානය වන විට මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින්නෙකු බවටද පොලිස් පරීක්ෂණ තහවුරු කරයි. 

සිද්ධිය පිළිබඳව ගල්නෑව හා අනුරාධපුර පොලිසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වනු ලබයි. පොලිස් පරීක්ෂණවලින් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *