දරුවන්ගෙන් දෙමව්පියන් දැනුවත් කිරීමක්

වැලිගම  තරංග ගුණරත්න 

රජය විසින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සියලුම වැඩිහිටියන්ගේ සහයෝගය මෙන්ම  ඔවුන් දැනුවත් කිරිම  සදහා  පාසල් දරුවන් විසින් සංවිධානය කළ පෙරහැරක්  වැලිගමදී වීදි සංචාරය කෙරේ.


දිළිදුකම පිටු දකිමු, හරිත පරිසරයක් ගොඩනගමු, පරිසරය පිරිසිදු තබා ගනිමු,  සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනගමු, කැලි කසල නිවැරදිව බැහැර කරමු.   ආදී පුවරු  රැසක්  අතැතිව දරුවන් පිරිසක් විසින්  වැඩිහිටියන් දැනුවත් කරමින්  මෙම පෙරහැර වීථි සංචාරය කරන ලදී .
වැලිගම වනිගසිරි විද්‍යාලයේ විදුහල්පති පි.එස් පි. ඩි රත්නායක මහත්මියගේ උපදෙස් මත පන්තිභාර ආචාර්ය ඩි.ජි ශ්‍රියානි මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *