හේවාහැට-චම්පික දසනායක
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරදීමටත් පෙර මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ බල ප්‍රදේශයක පොදු දේපළ විනාශ කරමින් නීති විරෝධී පෝස්ටර් ඇලවීමේ කටයුතු සිදුකර ඇති බව ඡන්ද දායකයෝ සඳහන් කරති.
කලකට ඉහත ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව හෙබවූ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් නියෝජනය කළ අපේක්ෂකයෙක් එම මැතිවරණ බල ප්‍රදේශය පුරාම මෙම නීති විරෝධී පෝස්ටර් ඇලවීම සිදුකරමින් මෙලෙස පොදු දේපළවලට හානි වන ආකාරයෙන් කටයුතු කර තිබේ.
මෙම අපේක්ෂකයා මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තවත් ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින අතර එම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස තෝරා පත්කරගන්නා ලෙස ඉල්ලා ජනතාවගේ ඡන්දය බලාපොරොත්තුවෙන් මෙම නීති විරෝධී ප්‍රචාරක කටයුතු සිදුකර ඇත
ටෙලිකොම් සමාගමේ දුරකථන රැහැන් සම්බන්ධ කෙරෙන කුටියක ඉදිරිපස දොරටුව මත මෙම අපේක්ෂකයාගේ පෝස්ටර් අලවා ඇති ආකාරය ඡායාරූපයේ දැක්වේ .
