අමරපුර මහානායක හිමි පිළිගැනීමේ උත්සවය පහළොස්වැනි දා ධම්මානන්ද පිරිවෙන් විහාරයේදී

බෙලිහුල්ඔය එස්. රත්නායක

බළන්ගොඩ  මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පරිවේනාධ්‍යක්ෂ විශ්‍රාමික සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දර්ශනපති  පූජ්‍ය පාද අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර් ති නාහිමියෝ    පිළිගැනීමේ උත්සවය 15 වැනිදා පස්වරු 3.00 ට  බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී  ධම්මානන්ද පිරිවෙන් විහාරයේදී පැවැත්වේ. බළන්ගොඩ  ආනන්ද මෛත්‍රීය මහනායාක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ  ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වූ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර් ති නාහිමියෝ ඉකුත් 10 වැනිදා රාජ්‍ය ගෞරව සහිතව සන්නස් පත්‍රය රාජ්‍ය නායකයින් හා දෙස් විදෙස් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති අනුරකුමාර දිසානායන මහතා අතින් පිළිගැනීම සිදු කෙරුණි.

 

15 වැනිදා   පෙරවරු 7.00 ට අවිස්සාවේල්ල නගරයේදී  පිළිගැනීම, රිය පෙරහැරකින් ආරම්භවේ. පෙරවරු 8.30 ට රත්නපුර ආනන්ද මෛත්‍රිය සංගරාජ විහාරයටත් ඉන් අනතුරුව රත්නපුර මහ සමන්දේවාලයටත් වැඩම කිරිමට නියමිතය.  පැල්මඩුල්ල නගරයේ පිළිගැනීමක් සිදුකරනු ලබන අතර  පැල්මඩුල්ල රජමහා විහාරයට  පෙරවරු 11.00 ට පමණ වැඩකිරීමට නියමිතය. එම විහාරයේ සිට රිය පෙරහැරකින් වැඩමකරනුයේ  බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය සංඝරාජ පරිශ්‍රය වෙතය. පස්වරු 1.15 ට බළන්ගොඩ ගොරෙක්ගහමඩ  ඉස්ලාම් දේවස්ථානය  අසළදී පිළිගැනීමටට කටයුතු සංවිධානය වී ඇත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රය ජාතික පාසල සමීපයෙන්  1.30 ට ඇරඹෙන  පිළිගැනීමේ රිය පෙරහැර   ශ්‍රී ධම්මානන්ද පිරිවෙන් විහාරයට වැඩමවීමෙන් අනතුරුව පස්වරු 3.00 ට උත්සව සභාව ඇරඹිමටත්  පස්වර් 5.00ට අවසන් කිරීමටත් නියමිතය.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *