රිය අනතුර  අඹු සැමි යුවළගේ ජීවිත බිලිගනී.

 

නාඋල ඉන්දික අරුණ කුමාර

මොරගහකන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති

ඊයේ(10) රාත්‍රී දහයයි හතළිස් පහට  පමණ නාඋල සිට මොරගහකන්ද දෙසට ධාවනය වූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක ගැටී ඩිමෝ බට්ටා රථයේ ගමන් ගත් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි.

මිය ගිය අයගේ මෘත ශරීර මේ වන විට බකමූණ රෝහලේ තැන්පත් කර තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිවව සිටි ජේ. ඒ. නිශාන්ත උදය කුමාර(47) සහ ආර්.එම්.සංජීවනි දිල්රුක්ෂි (41) නමැති අඹු සැමි යුවළකි.

ඩිමෝ බට්ටා රථය පැද වූ රියදුරු නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරොන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, සැරයන් වරුන් වන 37269 චන්දන,74238  නිහාල් මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  පවත්වති.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *