අමරපුර මහානිකායේ අභිනව මහානායක ධූරයට අති පූජ්‍ය කරගොඩ  උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ පත්වෙති.

 

අජිත්ලාල් ශාන්තඋදය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරය සදහා , බලංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති, දර්ශනපති, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත කථිකාචාර්ය, විශාමලත් සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක, ආනන්ද මෛත්‍රිය වංශාවතංස මහා විහාරවංශික අතිපූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ පත්වෙති.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවති සුවිශේෂී උත්සවයකදී ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර පදවිය පිළිබද ශ්‍රී සනන්නස් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උන් වහන්සේ  වෙත පිළිගැන්විනි. මේ අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන්, වත්මන් විපක්ෂනායක තුමා , අමරපුර මහනිකාභිවෘද්ධි දායක සභාවේ සභාපති දේශමාන්‍ය අජිත ද සොයිසා මැතිතුමා සම්බන්ධ විය

අභිනව මහා නායක හිමිපානෝ අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහනායක පදවියේ කටයුතු කළහ. ඊට පෙර එකී නිකායේ ලේඛකාධිකාරී ධුරයේ වැඩසිටියෝය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *