අයඩින් මුසු වූ අපේ අපේම ලුණු ළඟදීම

 

අජිත්ලාල් ශාන්තඋදය

ලුණු නිෂ්පාදනයේදි රජයේ කර්මාන්ත ශාලාවක් තුළදී අයඩින් එක් කිරීමේ තාක්ෂණ පහසුකම් සහිතව නවීකරණය කරන ලද, උතුරු පළාතේ අලිමංකඩ ලුණු කම්හලේ නිෂ්පාදන මේ මස අග සිට වෙළදෙපාළට නිකුත් කිරිමට නියමිතය.

අක්‍රීයව පැවති අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විතය.  කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පසුගියදා ඒහි  මෙහයුම් කටයුතු සමාලෝචනය කිරීමේ  නිරික්ෂණ චාරිකාවට එක්විය.

යුධ සමයත් සමග අලිමංකඩ ලුණු නිෂ්පාදන කම්හලේ නිෂ්පාදන කටයුතු අඩාලව ගියේය. මේ  වනවිට එය අති නවීන පහසුකම් සහිතව රජයට අයත් කම්හලක් ලෙසින් මේ මස 26දින සිට සිය  නිෂ්පාදන වෙළදෙපාළට නිකුත් කරිමට නියමිතය.

පසුගිය කාලෙය් ලංකාවේ ලුණු නිෂ්පාදනය පහළ වැටි තිබුණි. දේශගුණ විපර්යාසයන් ඒයට තදින්ම බලපෑවේ ය. පිටරටින් ලුණු ගෙන්විමට ද සිදුවිය. යුද්ධය පැවති දශක තුනක කාලය තුළ අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු සිදු නොවිනි. එකල අලිමංකඩ යුද හමුදා කදවුර  විශාල කතාබහකට ලක් වූ යුද හමුදා කදවුරක් බවට පත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *