චම්පිකා මුතුකුඩ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව, උතුරු, උතුරු-මැද, නැහෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ නුවරඑළිය , පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
උතුරු උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ නුවරඑළිය හා මොනරාගල ම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30- 40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.
