ලක්මිණි නදීෂා
ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් , සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , යාපනය ප්‍රදේශයේ අන්තවාදී ආගමික ප්‍රචාරණ කටයුතු කරමින් සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර තිබේ .
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ මගින් නොමිලේ ලබා දී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අය වේ .
ඔවුන් අතරින් දෙදෙනෙකු යාපනය , මත්හල් ප්‍රදේශයේ , ඉකුත් 07 දින රෝග සුව කිරීමේ අන්තවාදී ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අතර , ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු ජාතික සංවිධාන විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබී පැවතුනි .
එහිදී අත් අඩංගුවට ගත් ආගමික පූජකවරුන් දෙදෙනා 08 දින අලුයම ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ.- 1172 දරන ගුවන් යානයෙන් කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි .
ඊට ගන්නට අමතරව යාපනය ප්‍රදේශයේ ලී මඩුවක , කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන පළාලි ගුවන් තොටුපොළෙන් 08 දින ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර තිබේ .
එමෙන්ම යාපනය ප්‍රදේශයේ අවන්හල් තුළ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 05 දෙනෙකු ද ඊයේ (08) දින පළාලි ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කර ඇත .