කාන්තා දින සැමරුම- සබරගමුව

ඇහැලියගොඩ  රංජන් මඩගම්මන 

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සබරගමුව පළාත් සභාව මඟින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම කෑගල්ල බස්නාගල මහා විද්‍යාලයේදී  පසුගියදා (07) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සබරගමුව පළාත් සභාව, දැරණියගල ප්‍රාදේශීය සභාව සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කර තිබිණි. “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්” මෙවර කාන්තා දින තේමාව වේ. මෙහිදී බෝ නොවන රෝග, සුවනාරී, දන්ත සහ ආයුර්වේද වෛද්‍ය සායන පැවැත්විණි. රූපලාවන්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය, කාන්තා නිෂ්පාදන අළෙවිසැල්, ප්‍රාදේශයේ පාසැල් සඳහා පුස්තකාල පොත් ප්‍රදානය, සිසු දරුවන් සහ කාන්තාවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය ද මීට එක් කර තිබිණි. 

රූපලාවන්‍ය, කේක් වැඩමුළු, ළමා අපයෝජන වැළැක්වීම, මත් ද්‍රව්‍ය නිවාරණය, කාන්තාවන් සඳහා නීතිමය ආරක්ෂාව ලබා දීම පිළිබඳව දැනුවත් කිරීම ද මෙහිදී සිදු විය. උප්පැන්න, විවාහ, මරණ සහතික සම්බන්ධ කටයුතු, ජාතික හැදුනුම්පත්, වැඩිහිටි හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළ කාර්යයන්, ආබාධිත ජීවනාධාර, විදේශ රැකියා උපදේශක සේවා සහ කාන්තා හා ළමා උපදේශන සේවා සැපයීම ද සංවිධානය කර තිබුණි. 

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව මෙහි ත්‍යාග ප්‍රදානයන් සඳහා දායකත්වය ලබාදී තිබිණි. 

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් සුජීවා බෝධිමාන්න, කෑගල්ල අතිරේක දිසාපති කුසුමා බණ්ඩාර, දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම් නලීන් පුෂ්ප කුමාර යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *