නාඋල – ඉන්දික අරුණ කුමාර
දින කිහිපයක සිට මාතලේ දිස්ත්රික්කයට බලපා ඇති වියළි කාලගුණයත් සමග මේ දින වල දැඩි සීත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ගොවි සංවිධාන රැසක් කියා සිටිති.
අළුයම් කාලයේ මෙන්ම දහවල් කාලය දක්වා පවත්නා මෙම ශිත කාලගුණික තත්ත්වය දහවල් වන විට දැඩි උණුසුම් කාරි තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි.
මාතලේ දිස්ත්රික්කයේ ක්රියාත්මක ගොවි සංවිධාන රැසක් කියා සිටියේ පසුගිය සමයේ ඇදහැළුණු අධික වැසි හේතුවෙන් කුඹුරු වල වී අස්වැන්නට බලපෑම් ඇතිවු බවත්, මේ වන විට පවත්නා වියළි කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට අස්වනු නෙලිම් ආරම්භ වී ඇති බවයි.
කෙසේ වෙතත් පවත්නා වියළි කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි වගාකටයුතු සැලසුම් කිරිම් මේ වන විටත් ගොවින් විසින් ප්රමාද කෙරෙමින් පවතින බව ද ගොවි සංවිධාන අවධාරණය කර සිටී.
විශේෂයෙන් මාතලේ දිස්ත්රික්කයේ බී ළුෑණු,බෝංචි ඇතුළු එළවළු මෙන්ම ගම්මිරිස්,කරාඹුනැටි,එනසාල් ඇතුළු කුළුබඩු රැසක් ද නිපදවනු ලබයි.
සමස්ථයක් ලෙස ගත් කල මාතලේ දිස්ත්රික්කයේ කාලගුණික විපර්යාස හේතුවෙන් කාලයක් තිස්සේ සිදුකරනු ලැබු සුළු අපනයන බෝග රැසකට මේ වන විට බලපෑම් එල්ල වී ඇති බව ද ගොවි සංවිධාන කියා සිටියේය.
කාලගුණික විපර්යාස හේතුවෙන් අස්වැන්න අක්රමවත් වී ඇති මාතලේ ගම්මිරිස් වගාවක්.




