ඇහැලියගොඩ ‘සමුපියසේ’ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයම නැවතත්

රංජන් මඩගම්මන- ඇහැලියගොඩ

ඇහැලියගොඩ විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩලයම, මහා සභාවේ ඒකමතික එකඟත්වයෙන්, නිතරඟයෙන් පත් කරගෙන තිබේ. හිටපු අධ්‍යක්ෂවරුන් වන යු.ඩී.සී.සමරපාල ,චින්තක කුමාර ,එච් ඩබ්ලිව් .ධනසිංහ ,ඡයන්ත පුෂ්පකුමාර,කසුන් කීර්ති, අනුලා ගුණසේකර සහ තිලිණි දිනේෂා යන මහත්ම මහත්මීන් මහා සභා යෝජනා සම්මතයෙන් ඒකමතිකව පත්වී  තිබේ.

        2026 ඔක්තෝබර් 31 දින දක්වා ඇහැලියගොඩ විවිධ සේවා සමූපකාර(සමුපියස) සමිතියේ සභාපති ලෙස 2013 වර්ෂයේ සිට එම සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ යු.ඩි.සී.සමරපාල මහතා වන වරටත් නැවත සභාපතිවරයා ලෙසද, චින්තක කුමාර මහතා උපසභාපතිවරයා ලෙසද පත්ව තිබේ.

2013 වර්ෂය වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ සමුපකාර සමති 13ක් අතුරින් ඉතාමත් දුර්වල සමිතිය ලෙස සමූපකාර දෙපාර්තමේන්තුව විසින් ඈවර කළ යුතු සමිතියක් ලෙසට නම් කරගෙන තිබූ ඇහැලියගොඩ සමූපකාර සමිතිය රත්නපුර දිස්ත්‍රික්කයේ  හොඳම සමිතිය ලෙසටත්, සබරගමුව පළාතේ හොඳම සමිති අතර දෙවන ස්ථානය දක්වාත් ගොඩනැගීම වෙනුවෙන් කරන උපහාරයක් ලෙස හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය නිතරඟයෙන්ම පත් කර ගත් බව සමිතියේ මහා සභා නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *