දරුවන් ක්‍රීඩාවලට තෝරාගැනීමට නිසි ක්‍රමවේදයක් ඕනෑ

හේවාහැට-චම්පික දසනායක 

බොහෝ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව වලදී දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරීම වෙනුවට සැණකෙළි  ස්වරූපයෙන් පවත්වන සරඹ සංදර්ශණයට මුල්තැනදී කටයුතු කරන බව දෙමාපියෝ  සඳහන් කරති 

විශේෂයෙන් මෙරට පාසල්වල ක්‍රීඩා කටයුතු සඳහා දරුවන් යොමු කිරීම හා මලල ක්‍රීඩා ඇතුළුව අනෙකුත් ක්‍රීඩා සඳහා සහජ දක්ෂතා ඇති දරුවන් හදුනාගැනීමට නියමිත තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා නොවීම කණගාටුවට කරුණක් බව ද ඔවුහු පෙන්වා දෙති 

මීට කලකට ඉහතදී නාගරික පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අලංකාර කිරීමට එක්කළ  සරඹ සංදර්ශන අද වනවිට ග්‍රාමීය පාසල්වල ක්‍රීඩා උළෙලේ පවා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබීම නිසා තම දරුවන් ඒ සඳහා යොමු කරවීමේදී තමන්ට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාමීය ප්‍රදේශවල මව්පියෝ කියති.

මලල ක්‍රීඩා සඳහා දරුවන් තෝරා ගැනීමේ වයස් සීමාව හා දරුවෙකු යම් ක්‍රීඩාවකට දක්ෂතාවයක් දක්වන්නේදැයි සොයා බැලීම සඳහා භාවිත කරන කෙටි පුහුණුවීම් ක්‍රම අද වනවිට ඉතාමත් දියුණු මට්ටමකට පැමිණ ඇති නමුත් පාසල්වල මෙම ක්‍රමවේදයන් අවම මට්ටමෙන් හෝ භාවිතා වන්නේදැයි විමසා බැලිය යුතුය .

නිවාසාන්තර ක්‍රීඩා උත්සව වලින් පසුව කොට්ඨාස මට්ටමින් කලාප මට්ටමින් හා දිස්ත්‍රික් මෙන්ම පළාත් මට්ටමින් ක්‍රීඩා උත්සව හා තරඟ පැවැත්වෙන නමුත් මෙම තරග ඉසව් සඳහා දරුවන් යොමු කිරීමේදී බොහෝමයක් පාසල් නියමිත තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා නොකරන නිසා සහජ දක්ෂතා ඇති දරුවන් වැඩි පිරිසක් අතරමගදී ක්‍රීඩා කටයුතු වලින් ඉවත්ව යෑම අවම කිරීමට දීර්ඝකාලීන සැලසුමක් භාවිතා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ 

ක්‍රීඩා උත්සවයකදී දරුවන්ගේ කලාත්මක හා නිර්මාණ හැකියාවන් සඳහා අවස්ථාව උදාකිරීම අත්‍යවශ්‍ය වනවා සේම ක්‍රීඩා කටයුතු සඳහා දරුවන් තෝරා ගන්නා ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතුය  .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *