ලංගමට සහ දුම්රියට කාන්තා රියදුරුවරියන්

ලක්මිණි නදීෂා

ඉදිරියේදී ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(7) පාර්’ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

ඔහු කියා සිටියේ  “හෙට(08) දිනට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යංශයේ අමාත්‍යවරු තීරණය කළා ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒවගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳවා ගන්න. ඒ නිසා බස්රථ රියදුරුවරියන්, පයිලට්ලා, ගාඩ්ලා හැටියට කාන්තාවන් තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වේවි.ඒ වගේම සිහිනයක් තියනවා පාසල් බස් රථ කාන්තාවන්ට භාර දෙන්න.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *