චම්පිකා මුතුකුඩ
මෙරට නැවත පොල්හිගයක් ඇති නොවීම සඳහා තම රජය විසින් අවශ්‍ය කටයුතු යොදමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද ප්‍රකාශ කළේය
අක්කර පහට අඩු පොල් වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා විසින් එහිදී හෙළිදරව් කරන ලදී.
රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් පනස් පන්දාහෙන් මෙට්‍රික් ටොන් 27,500 ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් පනස් හයදාහක් සකස් කරමින් පවතින බවද ඒ මහතා අනාවරණය කළේය.
එම මිශ්‍රිත පොහොර කිලෝග්‍රෑම් පනහේ පොහොර මිටියේ වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රුපියල් 9,500 ක් පමණවුවද පොල් වගාකරුවන්ට ඒ ලබා දෙනු ලබන්නේ රුපියල් හාරදහසක සහන මිලකටය. එම පොහොර මේ මාසය අග වන විට රට පුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙම වසරේදී අක්කර 36,000ක අලුතින් පොල් වගාවක් සිදු කිරීමට රජය විසින් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා විසින් හෙළිදරව් කරන ලදී.
ඉන් අක්කර 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ වලද,, ඉතිරි අක්කර 20,000 සෙසු ප්රදේශවලද වගා කිරීමට නියමිතය.
නව බීජ පොල් මිලියන 2. 5 ක් මෙම වසරේදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත් විද්‍යාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයාවරයා මෙම තොරතුරු අනාවරණය කළේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට එක්වෙමිනි.




