නාඋල – ඉන්දික අරුණ කුමාර
මාතලේ දිස්ත්රික්කයට පසුගිය සමයේ බලපෑ අධික වැසි නිසා අස්වනු නෙලිමට නියමිත ගොයම පෙරළී යාම් හේතුවෙන් කුඹුරු වගාකරුවෝ මහත් අසීරුතා රැසකට මුහුණ දී සිටිති.
මේ වන විට මාතලේ දිස්ත්රික්කයේ අක්කර සියගණනක කුඹුරු වල ගොයම් බිමට පෙරළී ඇති බැවි ගොවි සංවිධාන කියා සිටිති.
කුඹුරු වල පවතින ජලය ගොයම් ශාක වලට මුසුවීම හා විවිධ වන සතුන්ගේ ගොදුරු බවට වි වගා පත්වීම වැනි තත්ත්වයන් මේ වන විට පෙරලුුනු සිය කුඹුරු වල දක්නට ලැබෙන බව ගොවිහු කියා සිටිති.
මෙම තත්ත්වය හමුවේ නෙලිමට ඇති සිය වගාවන්ගේ අස්වනු නෙලිමි වල දි යන්ත්ර භාවිත කිරිම ගැටළුකාරි තත්ත්වයක් බවට පත්වී ඇතැයි ගොවි සංවිධාන කියා සිටිති.
මිනිස් ශ්රමය හරහා ගොයම් කෑපීමේ දී ගතවන කාලය සහ සෙසු වියදම් දෙස බැලු කල එය බරපතල ගැටළුවක් බව ද ගොවිහු අවධාරණය කරති.

මේ වන විට අස්වනු නෙලිමට ඇති නාඋල – නාලන්ද වෙල් යායේ ගොයම පෙරළී ඇති අයුරු.