ලක්මිණි නදීෂා
| – රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉන්දියාවේ , බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි අයෙකි.
ඔහු අද දින අලුයම 01.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු වල ආහාර අඩංගු පැකට් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 200 ක් සඟවාගෙන පැමිණීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු මේ වනවිට වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇත.
