කොරියානු E8 VISA ලබාදීමට රජය සුදානම් – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

ජගත් විජේසූරිය – කොළඹ –

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොරියානු E 8 වීසා කාණ්ඩය නිවැරදි ක්‍රමවේදයට,රජය මැදිහත්වීමෙන් ලබාදීමට සූදානම් බව විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.

මේ යටතේ කොරියානු රජයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා E 8 විසා කෝටාවක් හිමිවී ඇති අතර,ඒ සඳහා කැබිනට් අනුමැතියද ලබාගත් බවත්,රජයට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් නුදුරු දිනයකදී මෙම රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් කොරියාවට යැවීම ආරම්භ කරන බවත් සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන “විශේෂ මහජන දිනය” වැඩසටහන අද පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ආරම්භවු අවස්ථාවේදී.

විදේශ රැකියා සම්බන්ධ විගමනික ප්‍රජාවගේ ගැටලු ඍජුව යොමුකර ඊට අදාලව විසදුම් ලබාදීමේ අරමුණින් මෙම “විශේෂ මහජන දිනය” පැවැත්වෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු අංශ, තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ,විදේශ රැකියා අංශය, කොන්සියුලර් සේවා අංශය,අනෙකුත් විමසීම් අංශය ඇතුළු සේවාවන් මෙම වැඩසටහනට සක්‍රීය දායකත්වය ලබාදිමට සුදානම් කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඇතුලු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා. 

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ රුසියානු යුද ගැටුම් වලට මැදිවූ ශ්‍රමිකයන්ගේ ගැටළුවට විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධව හිටපු ඇමතිවරුන් සිදුකර ඇති අනීතික ක්‍රියා පිළිබඳව විමර්ශනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *