යසාංග මහවිතාන
දිවයිනේ මෙතෙක් පැවති වැසි තත්ත්වනේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එසේ වුවද බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
නැගෙනහිර වෙරළ තීරයේද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි..


