“වල් අලි කරදර වැඩි නිසා කොට්ටුකච්චිය ගොවින්ගේ වී ඇස්වැන්න කලින් ඉවත් කරන්න වෙලා,,
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

වල් අලි තම කුඹුරු වලට කඩා වැදි වැනසිම හේතුවෙන් කොට්ටුකච්චිය වී ගොවින්ට තම අස්වැන්න නිසි ලෙස පැසි යාමටත් පෙර කපා ඉවත් කර ගැනිමට සිදුව ඇති බව ඔවුහු පවසති
මෙලෙස වල් අලි රංචු කඩා වැදිම හේතුවෙන් කොට්ටුකච්චිය හා කච්චිමඩුව ව්‍යාපාරයේ මෙවර යල කන්නයේ වගා කල වී වගාවෙන් තවමත් කපා අවසන් නොකළ පැසී නොගිය අක්කර 100 කට අධික බිම් ප්‍රමාණයක් වල් අලින්ගෙන් බේරා ගැනිමට ගොවීහු උත්සහ දරමින් සිටිති.
ගොවින් පවසන්නේ වල් අලි 30 කට ආසන්න රංචුවක් කඩා වදිමින් අවස්ථා කීපයකදි තම වගාවන් වනසා දැමිම හේතුවෙන් නිසි ලෙස පැසි නොගිය කොල පැහැති ගොයම කපා ගැනිමට සිදුවු බවය.
තමන් දහ අතේ ණය වී කපා භුතයා යන්ත්‍ර යොදා ගනිමින් කපා ගන්නා අස්වැන්න අලෙවි කිරීමේදි එය කුණු කොල්ලයට මිලදි ගැනිම සිදුවන බවද ඔවුහු පවසති.
ඒ.එච්.එම් .බංඩාර මැණිකේ මහත්මිය මෙලෙස පැවසුවාය.
“….අපි පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මොකද අතේ තියෙන සල්ලි වියදම් කරලා අවසානයෙ වල් අලින්ට කුඹුරු වල අස්වැන්න දෙන්න වෙලා.අලි රංචු වල 30ක් 40 ක් ඉන්නවා .කඩා වැදිලා ගොයම සම්පුර්ණයෙන් වනසනවා පුදුම කරදරයක් වෙලා තියෙන්නේ.තව හොදට පැහිලා නැහැ තැනින් තැන කොළ පාට ගොයම තියෙද්දි තමා අපි මේ කපලා අයින් කරන්න වෙලා තියෙන්නේ.වෙන කරන්න දෙයක් නැති නිසා.අනික අලි රංචු පිටින් කඩා වදිද්දි පන්න ගන්නත් අමාරුයි.යන්නත් බයයි.සේරම පැත්තකට දාලා අපි මේ ගොයම අයින් කරන්නේ කරන්න කිසිම දෙයක් නැති නිසා….”
ඊ.එම්.ඉන්ද්‍රාවති මහත්මිය සිය අදහස් මෙසේ එක් කළාය.
“…මේ අලි කරදරය කවදා ඉවර වෙයිද දන්නේ නැහැ ඒ තරමට වදයක් වෙලා.නැත්නම් ගොයම මේ විදිහට අමුවෙන් කපන්න උවමනාවක් නැහැ.පැහෙනකම් තියා ගත්තොත් අලින්ට තමා දෙන්න වෙන්නේ.මේ වෙද්දි කුඹුරු කොටසක් වනසලා ඒ හින්දා කලින්ම කපා දාන්න වෙලා.අවසානයෙ අස්වැන්නෙන් දෙකෙන් පංගුවක් අයින් කරන්න වෙනවා……
ගොවින් පවසන්නේ මේ ආකාරයට ගෙවි ගිය දශකයකට ආසන්න කාලයක් වල් අලි කරදර හේතුවෙන් තමන්ට නිසි ලෙස අස්වැන්න නෙළා ගැනිමට නොහැකි වු බවය.





