මෝටර් රථයක් මහනුවර මාතලේ දුම්රියේ  ගැටේ.

මොහොමඩ් ආසික්

මහනුවර  සිට මාතලේ දක්වා ධාවනය වූ දුම්රියක කටුගස්තොට සියඹලාගස්තැන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී  අද 03 වනදා අළුයම අනතුරක් සිදුව තිබේ.

අද 03 අළුයම 5.45 ට පමණ සියඹලාගස්තැන්න සිට මාවිල්මඩ දෙසට ගමන් ගත් මෝටර් රථයක රියදුරු  දුම්රිය එන බව දැක මෝටර් රථය නවතා ගෙන සිටියත් ,එම දුම්රිය මෝටර් රියේ කොටසක් වැදී මෙම අනතුරු සිදු ව තිබේ. එම අවස්ථාවේ මෝටර රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඔහුට කිසිදු තුවාලයක් සිදුව නොමැත.

මෙම අනතුර හේතුවෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.

සිද්දිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *