ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක්ද?

                                වන්නි රොමේෂ් මධූෂංක

යාපනය චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් ඇගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් එ පිළිබඳ නැවත පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇතැයි කෝපායි පොලීසිය පැවසීය.

පසුගිය පෙබරවාරි මස 08 වනදා ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් 35 හැවිරිදි තමිලනී සතීස් මහත්මිය දරුණු පිලිස්සුම් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්  කළ අතර ඒ් වන විටත් ඇය මාස 06 ගැබිනියක්ව සිටියාය. පෙබරවාරි 16 වන දින ප්‍රතිකාර ලබමින් සිටියදී ඇගේ දරු ගැබද බේරා ගැනීමට නොහැකිව ඇය මිය ගියාය.

පසුව සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ සැමියා පොලීසියට  පවසා සිටියේ සිය බිරිඳ කාමරයක් තුළ ඉටිපන්දමක් දැල්වීමට යාමේදී එකවරම සිරුරට ගිනිගැනීමෙන් පිලිසුම් තුවාල ලද බවය.

අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමසිවාම් මහතා හා යාපනය ශික්ෂණ රෝහලේ හදීසි මරණ පරික්ෂක එස් ජෙයබාලන් මහතා විසින් ඉදිරිපත් වූ සාක්ෂි පදනම්කර ගනිමින් මෙම මරණය සියදිවි හානි  කරගැනීමක් බවට නිගමනය කරන ලදි.

කෙසේ වෙතත් සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ සිරුර භූමදානය කළ අතර ඇගේ පියා විසින් සිය දියණියගේ මරණය පිළිබඳව සැමියා සැකකරන බවටත්, එම මරණය ඝාතනයක් බවට සැකකරණ බවටත් පවසා කෝපායි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

මේ හේතුවෙන් අදාල පැමිණිල්ලට අනුව අධිකරණයට කරුණු ගොනුකොට ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරන බවද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *