නිමල් කොළඹිස්ස – මහනුවර
ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන දළදා දැක්ම මෙම වසරේ අප්‍රේල් මස 18 වන දින සිට පුරා දින 10ක් පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය හිමිවූ බව ද ඒ මහතා පැවසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති මාධ්‍ය හමුවේදී දියවඩන නිලමේවරයා මේ බව කීවේය.
වර්ෂ 16කට පසුව පැවැත්වෙන මෙම දළදා දැක්ම බැතිමතුන්ට විවෘත වන්නේ අප්‍රේල් මස 18 වන දින පස්වරු 03.00 බවත් ඉන් අනතුරුව අප්‍රෙල් මස 19 සිට එම මස 27 වන දින දක්වා දහවල් 12.30 සිට පස්වරු 05.30 දක්වා දළදා දැක්ම සිදුවන බව ඒ මහතා කීවේය.
දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසර පත් නිකුත් කිරීමක් සිදු නොවන බවත් සැදැහැවතුන් වෙනුවෙන් රාත්‍රී කාලයේදී ප්‍රධාන දන්සැල් දෙකක් පැවැත්වීමට තීරණය වූ බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තව දුරටත් පැවසුවේය.
