49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සබරගමුව පළාත් රට හරහා දිවීමේ තරගය

රංජන් මඩගම්මන 

49වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සබරගමුව පළාත් රට හරහා දිවීමේ තරඟය අද (01) රත්නපුර කුරුවිට වැලිහිඳදී පැවැත්වුණි. 

මෙහිදී විනාඩි 32 තත්පර 21ක් තුළ තරඟය නිමා කරමින් පිරිමි ජයග්‍රහණය හිමි කරගනු ලැබුවේ බී.එන්.අල්විස් ය. 

කාන්තා ජයග්‍රහණය ඒ.එන්.එල්.ආරියදාස හිමිකර ගත් අතර තරඟය නිමා කිරීමට ඇයට විනාඩි 38 තත්පර 01 ක් ගතවිය. 

පිරිමි දෙවන ස්ථානය කේ.පී.එන්.බී.කාරියවසම් ද, තෙවන ස්ථානය එච්.එම්.එස්.කේ. බණ්ඩාර ද හිමිකරගනු ලැබූහ 

කාන්තා දෙවන ස්ථානය ඒ.එස්.එන්.බණ්ඩාර ද තෙවන ස්ථානය එච්.ඩබ්.දමයන්ති ද හිමිකරගනු ලැබූහ. 

මෙහිදී ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් දසදෙනෙකු, ක්‍රීඩිකාවන් හය දෙනෙකු මාර්තු 15 වන දින නුවරඑළියේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ජාතික රට හරහා දිවීමේ තරඟයට සබරගමුව පළාත නියෝජනය කරමින් එක්වෙනු ඇත. 

ජාතික රට හරහා දිවීමේ තරඟය මීට පෙර සබරගමුව පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුජීවා නිල්මිණි ජයරත්න, නිලන්ති රූපිකා, අයි.කේ.අයිරින් මල්ලිකා චන්ද්‍රිසේකර, නිලන්ති ලංකා යන ක්‍රීඩිකාවන් ජාතික ශූරතාවය ලබා ඇත. 

සබරගමුව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ මෙම තරඟයට එක්ව ජයග්‍රහණය කළ ප්‍රථම ස්ථානය ලැබූ ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට රු.25,000ක් බැගින්ද, දෙවන ස්ථානයට රු.20,000ක් ,තෙවන ස්ථානයට රු.15,000ක් බැගින්ද, කාන්තා 04, 05, 06 ස්ථාන සහ පිරිමි 04, 05, 06, 07, 08, 09, 10 යන ස්ථාන සඳහා රු.10,000 බැගින් ද ප්‍රධානය කරනු ලැබීය. 

මෙහි සහතිකපත්‍ර ප්‍රදානය සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ.සුනීතා මහත්මිය අතින් සිදුවිය. 

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, සහකාර ලේකම් උදේශිකා කුමාරි, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චතුරංගිකා ප්‍රේමරත්න, අධ්‍යක්ෂ(සැලසුම්) රුවන් කුමාර, සහකාර අධ්‍යක්ෂ(තාක්ෂණ) අනුර වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *