මොහොමඩ් ආසික්
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස උපුල් රණවීර මහතා පසුගියදා පේරාදෙණිය- ගැටඹේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. ශ්‍රි ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරියෙකු වන ඒ මහතා වර්ෂ 2006 දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයට එක් විය. ඉන් අනතුරුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස උපුල් රණවීර මහතා කටයුතු කළේය.
මහනුවර ශාන්ත සිල්වෙස්තර් විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම (විද්‍යාවේදී) උපාධිධරයෙකි. එමෙන්ම කෘෂිකර්ම ව්‍යාප්ති සේවය පිළිබඳ විද්‍යාපති ( MSc ) පශ්චාත් උපාධිය ද දකුණු කොරියාවේ හැන්ක් යොන්ග් ( Hank – Yeong ) ජාතික විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්මය හා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව විද්‍යාපති (MSc ) උපාධියද ලබා ඇත.