වැලිගම තරංග ගුණරත්න
වැලිගම හෙට්ටිවීදිය දෙවන පටුමග හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මවක් සහ දියණියක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
වැලිගම හෙට්ටිවීදිය දෙවන පටුමග කාන්තාවක් විසින් සිය දියණිය උපකාරක පන්තියට රැගෙන යමින් සිටියදී පස්වරු තුනට පමණ මෙම අනතුර සිදුවී තිබේ. නිවසේ සිට වැලිගම නගරය දෙසට මෝටර් රථය ධාවනය කරන අතරතුර එම මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථය දුම්රියේ ගැටී ඇත. ඒ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේය.
එහිදී මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මෝටර් රථය පැදවූ මව සහ දියණිය තුවාල ලබා මාතර මහ රෝලට ඇතුලත් කොට ඇතැයි පොලිසිය පවසයි
මෙම දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ඩ් ලයිටි පද්ධතියක් ද ස්ථාපනය කොට තිබේ. එම පද්ධතිය නිසියාකාරව ක්රියාත්මක වූයේද නැද්ද පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.
අනතුර පිළිබඳව වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ කේ , හපුතන්ත්රිගේ මහතාගේ මෙහෙයවීම මත (75082 )ඒ.කේ.ඒ ලක්මාල් මහතා ,(97805 ) කේ.ජි.එස් තාරක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.





