ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

යසංග මහවිතාන

අද උදෑසන පහයි තිහට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව නැගෙනහිර, දකුණු  සහ  ඌව පළාත් වලත්, මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

  

ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය,  හම්බන්තොට සහ  පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත්  ඇතැම් ස්ථාන වලට  මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

  

උතුරු  මැද, නැගෙනහිර සහ  වයඹ පළාත් වලත් මාතලේ සහ  නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට   පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය  හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

 

ගිගුරුම් සහිත වැසි සමාග ඇතිවිය හාැකි ත වකා ලිකා තද සුළ  වලින් සහා අකුණු මාඟින් සිදු වන්‍ය අන්‍යුරු අවමා කාර ගැනීමාට අවශ්‍  පියවර ගන්න්‍ය  ලලංස ජන්‍යත වලගන් කා රුණිකාව ඉල්ලං  සිටිනු ලංැලේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *