ජගත් විජේසූරිය -කොළඹ-

රජය විසින් අඩු පහසුකම් සහිත පවුල් වල නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා නාගරික නිවාස සංවර්ධනය කඩිනම් කිරීම වෙනුවෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය මඟින් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් (AllB) මුල්‍ය පහසුකම් සහිතව කොළඹ නාගරික පුර්නජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය (SCURP) ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන 06ක මහල් නිවාස සංකීර්ණ වල නිවාස ඒකක 4074 ක් ඉදි කෙරේ.
අවම පහසුකම් සහිත කොළඹ නගරයේ හඳුනාගත් ජනාවාස 15ක ප්‍රජාව මෙම ව්‍යාපෘතිය මඟින් ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණවල සියළු යටිතල පහසුකම් සහ අනෙකුත් ප්රතිලාභ සමඟ නැවත පදිංචි කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 500 ක අංග සම්පූර්ණ නිවසක් හිමිවන අතර අදාළ නිවස හා දේපළ සඳහා නිත්‍යානුකූල ඔප්පුවක් ලබාදේ.ජල හා විදුලි සම්බන්ධතාවන් ලබා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු අංශ කිහිපයක් සඳහා මූල්‍ය ආධාර ලබාදීමටද කටයුතු යොදා තිබේ.
මෙම නව නිවාස ඉදිවන්නේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොළඹගේ මාවත නිවාස සංකීර්ණය,
වේල්ල වීදිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ස්ටේඩියම්ගම නිවාස සංකීර්ණය,ෆර්ගියුසන් නිවාස සංකීර්ණය, ඇපල් වත්ත නිවාස සංකීර්ණය,මාදම්පිටිය නිවාස සංකීර්ණය සහ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඔබේසේකරපුර නිවාස සංකීර්ණය වශයෙනි.
ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් (AllB) මුල්‍ය පහසුකම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 158 ණය මුදලක් ලබා දී ඇති අතර ඉතිරි මුදල් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙනි.
මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර 2027 වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන,ඉදිකිරීම් හා නිවාස ඇමති අනුර කරුණාතිලක මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් සාර්ථක ලෙස කරගෙන යාම සඳහා අදාල පාර්ශවකරුවන්ගේ සහයෝගීතාවය ලබාගැනීමේ අරමුණින් ඔවුන් දැනුවත් කිරීම සඳහා අද පෙරවරුවේ සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස නියෝජ්‍ය ඇමති ටී. බී. සරත් මහතා,අමාත්‍යංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා, රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය සමග අදාළ පාර්ශව නියෝජනය කරමින් නියෝජිතයෝ එක්ව සිටියහ.




