පස්දරු මව මරා දැමූ පුද්ගලයින් පොලිස් දැලේ

හේවාහැට- චම්පික දසනායක 

තලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුදෙණිය ගම්මානයේ පදිංචිව සිටි කාන්තාවක මීට මාස තුනකට පමණ පෙර  ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු පසුගිය 27දා තලාතුඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

උඩුදෙණිය මඩිගේ ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි සිත්ති ආබිදා (70) නැමති පස්දරු මවක් පසුගිය නොවැම්බර් 5දා සිය නිවස තුළදීම මෙලෙස ඝාතනය කර තිබූ අතර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකල බවට පොලීසිය මූලික විමර්ශණ වලදී  අනාවරණය කරගෙන තිබිණ. 

අත්අඩංගුවට පත් සැකකරුවන් මඩවල හා අකුරණ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිස්හතර  (34) තිස්හය  (36) හා හතලිස් එකක  (41) පුද්ගලයන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි 

තලාතුඔය පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *