චම්පිකා මුතුකුඩ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමකට අනුව අද දින පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිය ප්‍රකාශය ලබා දුන්නේය.

2013 වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලට ගැනීම සම්බන්ධව සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් පිළිබඳ ප්‍රකාශ ලබා ගැනීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරටප්රධාන පෙළේ ව්‍යාපාරිකයකු ද නාමල් රාජපක්ෂ මහතාට එරෙහිවයි ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිය ප්‍රකාශය ලබා දී තිබේ.