දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි

යසංග මහවිතාන, අවිස්සාවේල්ල

අද( 26) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් , මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන   හෝ  ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මි.මී. 75ට වැඩි තරමක තද වැසි නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ ,නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල ,මාතර ,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල   ඇතිවිය හැක.

පැයට කිලෝ මීටර් 30-40 පමණ වන තරමක තද සුළං  උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත් වලත් ,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට ඇතිවිය හැක.

අකුණු මගින් හා ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් වන අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණීකව ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *