පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

පසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය යළිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බදුර්දීන් රනිස් මහතා 25 දින පැවසිය.
පසුගිය වසරේ නොකඩවා ඇද හැළුන මහ වැසිත් සමග ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් තිබු අතර ඒ හේතුවෙන් රටේ ලුණු අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්දියාවෙන් ලුණු ගෙන්විමට රජයට පසුගිය වකවානුවේ සිදුවිනි.


පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බදුර්දීන් රනිස් මහතා වැඩි දුරටත් පවසා සිටියේ මෙවැන්නකි
“….මහ වැසිත් සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගියා.ඒ නිසා එම කර්මාන්තයේ නිරතව සිටි 1,000 කට වැඩි නිෂ්පාදකයින් අසරණ වුනා.ඒ විතරක් නොවෙයි, මේ කර්මාන්තය හරහා වක්‍ර ලෙස රැකියා වල නිරත වු දස දහසකට (10,000) වැඩි පිරිසක් අන්ත අසරණ වෙලා සිටියෙ තම රැකියාවල් අහිමි විමෙන්.
ලුණු පාත්ති සැකසිමේ ඉඳන් අස්වැන්න නෙළන කම් විතරක් නොවෙයි, ලුණු පැකට් කරලා වෙළද සැල් වෙත ප්‍රවාහනය කරන අවස්ථාව දක්වා විශාල රැකියා සංඛ්‍යාවක් සෘජු හා වක්‍ර ලෙස සැකසි තිබුණා.
නමුත් එම රැකියා සියල්ලම පසුගිය වසරේ නැවති යාම එම රැකියා වල නිරත වු පිරිසට බරපතල ගැටළුවක් වුණා .
නමුත් සියලු දෙනාටම යළි රැකියා ලැබිම සිදුවෙමින් පවතිනවා.අපි හිතනවා අපිට මෙට්‍රික් ටොන් 5000 (පන්දහසක) අස්වැන්නක් සති දෙකකින් පමණ ලබා ගැනිමට හැකි බව.ඒ වාගේම අපේ බලාපොරොත්තුව මෙට්‍රික් ටොන් 10000 (දස දහසක) අස්වැන්නක් ඉක්මනින් ලබා ගැනීමට……”

ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු අස්වැන්නෙන් 45 %කට වැඩි දායකත්වයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පසුගිය සෑම කාලයේ ලබා දීම සිදුව තිබු අතර එය ඇතැම් වසර වලදී 50% ද ඉක්වමා තිබු බව කියයි.
ලුණු අස්වැන්න ලැබිමත් සමග 25 දින උදෑසන සිට කම්කරුවන් තම දායකත්වය දක්වමින් පාත්ති වල ලුණු කැඩීමේ නිරත වන ආකාරය ද දැක ගත හැකි විය.


