හේවාහැට- චම්පික දසනායක
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රධානතම පරිපාලන නගරය වන
තලාතුඔය නගරයට දෛනිකව පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා ඇති වැසිකිළි පද්ධතියේ පවතින අඩුපාඩු හේතුවෙන් එම වැසිකිළි පද්ධති භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති
තලාතුඔය නගරයේ ස්ථාපිතව ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාතහේවාහැට ප්‍රාදේශීය සභාව ,පොලිස්ථානය ,ගොවිජන සේවා කාර්යාලය, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, ඇතුළු තවත් රාජ්‍ය ආයතන හා බැංකු මෙන්ම මූල්‍ය ආයතන වල සේවය ලබාගැනීමට දෛනිකව විශාල පිරිසක් දුරබැහැර ගම්මානවල සිට පැමිණෙන නමුත් සනීපාරක්ෂක පහසුකම් සඳහා පොදු වැසිකිළි පද්ධතිය පිහිටි ස්ථානයට ගමන් කිරීමට ඇති මග දැඩි අනාරක්ෂිත හා අපිරිසිදු තත්වයට පත්ව තිබීම මෙන්ම කාන්තාවන්ගේ පරිහරණය සඳහා ඇති කොටස ඉබි යතුරු දමා වසා දැමීම නිසා තමන් ඉමහත් පීඩාවකට පත්වෙන බව ජනතාව වැඩිදුරටත් සඳහන් කරති
“රට හදන සෞභාග්‍යය දැක්ම” යන තේමාව යටතේ රුපියල් මිලියන 9.91 මුදලක් වැය කරමින් නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් මීට වසර කිහිපයකට පෙර තලාතුඔය නගරයේ ඉදිකරන ලද බස්රථ නැවතුමේ පහත මාලයට යාබදව මෙම වැසිකිළි පද්ධතිය ඉදිකර තිබෙන නමුත් සැලැස්මට අනුව ඉදිකිරීම් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට කාන්තාවන්ට කුඩා දරුවන්ට හා වයෝවෘද්ධ වැඩිහිටියන් හට මෙම වැසිකිළි පද්ධතිය ආරක්ෂාකාරීව හා පහසුවෙන් භාවිතා කිරීමට නොහැකිව තිබෙන බව බොහෝ පිරිසක් සඳහන් කරති
වැසිකිළි පද්ධතියේ ඉදිරිපස කොටසට කොන්ක්‍රීට් අතුරා සකස් කිරීමට කම්බි පවා එලා ඇති නමුත් එම කටයුතු නිම නොකිරීමෙන් අප ද්‍රව්‍ය පවා පිටතට ගලාගෙන එන නිසා පවතින සැලැස්මට අණුව ඉදිකිරීම සිදුකර පොදු වැසිකිළි පද්ධතිය ජනතාවගේ පරිහරණය පිණිස සකස් කිරීමට වගකිවයුතු අංශ වල අවධානය යොමුවිය යුතු බව ජනතාව අවධාරණය කරති


