මහනුවර ගම්මාන රැසක් තවවත් රිළවුන්ට සින්න වෙලා

මොහොමඩ් ආසික්

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක වගාවන්ට මෙන්ම ජන ජීවිතයට රිළවුන්ගෙන් තව දුරටත්  දැඩි හානි සිදු වන බව එම ගම්මානවල ජනතාව පවසති.

 මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාස රැසක මෙම රිළවුන්ගේ හානිය පවතින බවත් ඔවුහු කියති.

දැඩි අපහසුතා මත වගා කටයුතු සිදු කර ගන්නා තම වගාවන්වල අස්වැන්න කෙසේවත් ලබා ගත නොහැකි වී ඇති බවත් ,රංචු පිටින් ගම් වදින මෙම රිළවුන් වගාවන් විනාශ කර දමන බවත් ඔවුහු කියති. වගාවන් විනාශ කිරීමෙන් නොනැවතී, මෙම රිළවුන් නිවාසවල ජනෙල් කණ්නාඩි වහළ ඇතුළු දේපළවලටද හානි සිදු කරන බවත් ඔවුහු කියති.

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ගලගෙදර, හතරලියද්ද, හාරිස්පත්තුව, අකුරණ, පූජාපිටිය පාතදුම්බර, උඩදුම්බර මැදදුම්බර,  ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රැසක ගම්මාව රැසක වගාවන් මේ වන විට අතහැර දමා ඇති බවත් එම ගම්මානවල ජනතාව පවසති.

රිළවුන් අල්ලන බව තමන්ට දැන ගන්නට ලැබුණ නමුත් දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මානවල එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබෙන බවත් ඔවුහු කියති.  

කෙසේ නමුත් කෘෂිකරම අමාත්‍ය කේ.ඩී. ලාක්කාන්ත මහතා පසුගිය දා පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටු රැස්වීමේදී  සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ රිළවුන් අල්ලා දූපතකට මුදා හැරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවත් එහි වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාට භාර දී ඇති බවත්ය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *